දකුණු කොරියාවේ රැකියාවකට ගොස් සිටියදී ,ගින්නකට හසු වී සිටි එරට වයෝවෘද්ධ කාන්තාවක් බේරා ගත් හසලක ,මිනිපේ නිමල්සිරි බණ්ඩාර මහතා අද (25දා) අලුයම කටුනායක ගුවන් තොටුපොළින් ශ්රී ලංකාවට පැමිණියේය.
නිමල්සිරි 2017.02.10 දින දහවල් 1.10 ට පමණ කොරියානු ජාතිකයන් මෙන්ම තවත් විදේශීකයන් විශාල පිරිසක් බලා සිටියදී ගිනි ගනිමින් තිබූ නිවසට පිටුපස දොරෙන් ඇතුළු වී මෙම කාන්තාව බේරා ගෙන තිබුණි.
මෙම සිදුවීමෙන් නිමල්සිරි බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ අතර, ඔහුගේ වීර ක්රියාව කොරියාව පුරා ප්රචලිත වූ අතර ඔහුට කොරියානු රජය විසින් විශේෂ ඇගයීම් සම්මාන සහතිකයක්ද පිරිනැමීය.