කොරියාවේ රැකියාවක් ලබා දෙන බවට පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 15ක මුදලක් ලබා ගෙන වංචාවක් සිදු කල ධීවරධාරියකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කල බව තඹුත්තේගම මූලස්ථාන පොලිසිය පවසයි.
හුරීගස්වැව , තම්මැන්නාව ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකුගෙන් අවස්ථා තුනකදී මෙම මුදල ලබා ගෙන ඇති බව පොලිසිය කියයි. එම සැකකාර චීවරධාරියාය සසුන් ගත වීමට පෙර, හුරීගස්වැව ප්රදේශයට ආසන්න මකුලෑව ප්රදේශයේ පදිංචිව සිටි අයෙකු බව පොලිසිය කියයි.
එම සැකකාර හිමි නම මේ වන විට රාජගිරිය කලපලුවාව, නෙළුම් පෙදෙසේ පදිංචිව සිටින අයෙකු බවද පොලිසිය කියයි.
රුපියල් ලක්ෂ පහලවක මුදල ගිණුම් ගත කරවා ගෙන කොරියානු රටේ රැකියාවක් හෝ යළි එම මුදල ලබා නොදෙමින් මග හරිමින් සිටින බව පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන් වේ.
සැකකාර චීවරධාරියා අත්අඩංගුවට ගැනීම සඳහා තඹුත්තේගම පොලිසියේ නිලධාරීහු කණ්ඩායමක් වැඩි දුර විමර්ශන සිදු කරති.