සංචාරක කොදෙව් කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර පල්ලෙකැලේ පිටියේ පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී මුලින්ම පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම ලකුණු 189කට ශ්රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.
වර්ශාව හේතුවෙන් මෙම තරගය පන්දුවාර 44ට සීමා වී තිබේ.
කොදෙව් කණ්ඩායමේ මුල් කඩුලු 8 ලකුණු 58ක් තුළ දැවී ගියත් 9 වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා ගත ලකුණු 119ක සබඳතාවක් පවත්වමින් කොදෙව් ලකුනු පුවරුව ඉහළ දැමීමට රදර්ෆෝඩ් (80) හා මොටියේ (50*) සමත්වූහ.
මෙම සබඳතාව කොදෙව් එක්දින ක්රිකට් ඉතිහාසය තුළ 9 වැනි කඩුල්ල වෙනුවෙන් පිහිටවූ හොඳම සබඳතාවය වෙයි. එසේම ලෝක එක්දින ක්රිකට් පිටිය තුළ 9 වැනි කඩුල්ල වෙනුවෙන් පිහිටවූ සිව්වැනි ඉහළම සබඳතාවයද වෙයි.