කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සමගාමීව එහි මඩ සොරොව්ව අද (03) විවෘත කිරීමට පියවර ගත් බව ජලාශය භාර ඉංජිනේරු අනුර සෙනෙවිරත්න මහතා පැවැසීය.
ජලාශයේ ජල පෝෂක ප්රදේශවලට පසුගිය දිනවල ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු පසුගිය 27 දින ස්වයංක්රීයව විවෘත වු බවත්, වසර කීපයකට පසු ජලාශයේ මඩ සොරොව්ව ද මෙසේ විවෘත කිරීමට පියවර ගෙන ඇති බව සෙනෙවිරත්න මහතා කීය.
ශාන් හුලංනුගේ
