කොළඹ වීදී ආහාර අලෙවි සැලකදී කොත්තු රොටියක් මිලදී ගැනීම ප්රතික්ෂෙප කළ විදේශිකයෙකුට බැන තර්ජනය කර අඩත්තේට්ටම් කළ කොළඹ අලුත්කඩේ වීදී ආහාර අලෙවි කරන්නා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් විශාල අපකීර්තියකට පත්වන කටයුත්තක නිරත වී ඇති බව සෛල්වත්ත පොලිසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතාට අද (17) දැනුම් දුන්නේය.
විදේශිකයෙකුට බැණ තර්ජනය කර අඩත්තේට්ටම් කළැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කොළඹ අලුත්කඩේ වීදී ආහාර අලෙවි කරන්නා රුපියල් 50,000/-ක මුදල් හා ලක්ෂ දහයක් වටිනා ඇපකරුවකුගේ ශරීර ඇපයක් මත සැකකරු මුදා හැරීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා සෑම ඉරුදිනකම කෙසෙල්වත්ත පොලිසියේ පෙනී සිටීමේ ඇප කොන්දේසියක්ද පැනවීය.
ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව මෙලෙස ඇප මත මුදාහරින ලද්දේ කොළඹ අලුත්කඩේ පදිංචි මොහොමඩ් අමීර් හම්සා අමීර් නමැත්තාටය.
සිද්ධියට අදාළව කරන ලද විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්ාවක් ඉදිරිපත් කල කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරීහු පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය කළ පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බව සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් දැනුම් දුන්හ.
සැකකරුගේ වීදී ආහාර අලෙවි සැලෙන් කොත්තු රොටියක් මිලදී ගැනීමට පැමිණි අවස්ථාවේදී ඔහු කොත්තු රොටියකට රුපියල් 1900/-ක් අවශ්‍ය බව දැනුම් දුන් අවස්ථාවේදී කොත්තු රොටිය මිලදී ගැනීම විදේශිකයා විසින් ප්රතික්ෂෙප කර ඇතැයිද ඒ අවස්ථාවේදී සැකකරු අදාළ විදේශිකයාට බැණ තර්ජනය කර අඩත්තේට්ටම් කර ඇතැයිද කී කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරීහු සැකකරුගේ ක්‍රියාකලාපය හේතූ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් විශාල අපකීර්තියකට පත්ව ඇතැයිද කීය.
එය ලංකා දණ්ඩ නීති සංග්රය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් බවද පෙන්වා දුන් කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරීහු සැකකරු රිමාන්ඩ් බාරයට පත් කරන්නැයි ඉල්ලා සිටියහ.
සැකකරු වෙනුවෙන් නීතිඥ සංජය ගමගේ මහතාගේ උපදෙස් පරිදි පෙනී සිටි නීතිඥ මහේෂ් මහතා කරුණු දක්වමින් තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීමට පාදක වු වීඩියෝව අන්තර්ජාලයට මුදාහල විදේශිකයා මෙවන් වීඩියෝවක් සැකසීමට පෙර සූදානමකින් යුතුව බීමතින් යුතුව වෙළඳ සැලෙන්, වෙළඳ සැලට ගමන් කළ අයෙකු යැයිද කීය.
ජපන් ජාතිකයින් චීන ජාතිකයින් ඇතුළු විදේශිකයින් විශාල පිරිසක් තම සේවාදායකයාගේ ආහාර වෙළඳ සැලට පැමිණෙන බවත්, තම සේවාදායකයා ඔවුන්ට ගරුසරුව, ආචාරශීලීව ආහාර ද්‍රව්‍ය අලෙවි කරන බවත් ඒ සම්බන්ධයෙන් සකස් කළ වීඩියෝ විශාල ප්‍රමාණයක් අන්තර් ජාලයට මුදා හැර ඇති බවත් කී නීතීඥවරයා ජාත්‍යන්තර වශයෙන් ලංකාව අපකීර්තියට පත්වුවා නම් පත්වූයේ අදාළ වීඩියෝව යළිත් සංස්කරණය කර හඩකවා අන්තර්ජාලයට මුදාහැරීමෙන් බවත් එයට සිංහලට පවා හඬ කවා ඇති බවත් පෙන්වා දුන්නේය.
සිද්ධිය සම්බන්ධයෙන් විදේශකයා හෝ වෙනත් අයෙකු පැමිණිල්ලක් කර නැතැයිද අදාළ විදේශිකයා සිය අන්තර්ජාල ගිණුමක සටහනක් තබමින් මෙම වීඩියෝවෙන් මෙවැනි දෙයක් බලාපොරොත්තු නොවූ බවත් අදාළ කාරණාවෙන් තම සේවාදායකයා නිදහස් වනු ඇති බවට අදාළ විදේශිකයා බලාපොරොත්තු වන බවත් සඳහන් කර ඇතැයි අදාළ අන්තර්ජාල පිටපත අධිකරණයට ඉදිරිපත් කරමින් සඳහන් කළ නීතිඥවරයා තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය.
සිය`ථ කරුණු සලකා බැලලීමෙන් අනතුරුව සැකකරුට ඇප නියම කළ මහෙස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළවව කරන විමර්ශන වල ප්‍රගතිය මෙම පැමිණිල්ල යළි කැඳවන ලබන මස 07 වැනිදා අධිකරණයට දැනුම් දීමට කෙසෙල්වත්ත පොලිසියට නියම කළේය.