කොතරම් යෝජනා ඉදිරිපත් වුවද සහල් මිල පාලනය ඉවත් කිරීමට රජය සූදානම් නොමැති බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අද(28දා) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
“සහල් වලදී කොතරම් අය එළියේදී යෝජනා ඉදිරිපත් කළත් ඒ සහල් මිල පාලනය ඉවත් කරන්න රජය සූදානම් නෑ. ”