කොටස් වෙළඳපොළ අද දිනයේදීද දැවැන්ත කඩා වැටීමකට ලක්විය. ඒ අනුව අද දිනයේදී සමස්ත කොටස් දර්ශකය ඒකක 170.8කින් පහළට ගොස් ඒකක 15 878ක් විය.
ඒ අනුව පසුගිය සතියේදී ඒකක 16000 සීමාව පසුකර ගියත් යළිත් වරක් එම සීමාවෙන් පහළට ගියේය.
මේ අතර එස්. ඇන්ඩ් පී. දර්ශකයද 55.39කින් පහළ ගොස් ඒකක 4804ක් දක්වා පහළට පැමිණියේය. අද දිනයේදී වෙළඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 8.5ක් විය.