අධිකරණයේ නඩු කටයුතු අවසන් වූ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 355යි ග්‍රෑම් 881ක්අද(11දා) විනාශ කිරීමට කටයුතු කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරන් අලස් මහතාගේ හා පොලිස්පති දේශබන්දු තෙන්කොන් මහතාගේ සහාභාගිත්වයෙන් පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ ස්ථාපිත කර තිබෙන දහන උඳුන හරහා අදාළ මත්ද්‍රව්‍ය විනාශ කිරීමට නියමිතව තිබේ.
විනාශ කිරීමට නියමිත කොකේන් මත්ද්‍රව්‍ය තොගය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (11දා) උදෑසන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් භාරගෙනපොලිස් විශේෂකාර්යබළකා නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ අදාළ ස්ථානය වෙත ප්‍රවාහනය කිරීමට සැලසුම් කර ඇත.