හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතගේ හා පවුලේ සාමාජිකයන්ට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් මෙන්ම ජීවිත රක්ෂණ ඔප්පු කිහිපයක් තහනම් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කටයුතු කර තිබේ.
මේ අනුව කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බිරිඳ, දියණියන් තිදෙනා හා එක් දියණියකගේ ස්වාමිපුරුෂයාගේ පෞද්ගලික බැංකුවකට අයත් රුපියල් මිලියන 93.125ක් වටිනාකමින් යුත් ස්ථාවර තැන්පතු ගිණුම් හා ජීවිත රක්ෂණ ඔප්පු සම්බන්ධයෙන් වූ සැක කටයුතු ගනුදෙනු හේතුවෙන් එම ගිණුම් හා ඔප්පු දින හතකට තහනම් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කටයුතු කර තිබේ.
දූෂණ විරෝධී නව පනත අනුව ස්ථාවර තැන්පතු 16ක් හා රක්ෂණ ඔප්පු තුනක් මෙසේ තහනම් කර තිබේ. මේ පිළිබඳව මහාධිකරණයට වාර්තා කර තහනම් නියෝගය දීර්ඝ කර ගැනීමටද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
වම් ම්බන්ධ්වයන් 2023 අංක 09 දරන දූෂණ විවරෝධී නවත්ත, 53 (1) වගන්ිය ප්‍රකාරව, මුදල්
විශුද්ිකරණ වරද යටවත්ත, ්ථාවර තැන් තු 16 ක් ෙ රක්ෂණ ඔප්පපු 03ක් තෙනම් කිරීමට වකාමිෂන්
භාව විසින් කටයුතු කරන ලදී. ඒ අනුව, මොිකරණයට වාර්තා කිරීවමන් අනතුරුව තෙනම්
නිවයෝගය දීර්ඝ කරගැනීමට ෙ ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිතය.