බිත්තර අතිරික්තයක් තිබී සති දෙකකට පසුව කෘතිම බිත්තර හිඟයක් මවා පාමින් දැනට දින 02.සිට වෙළඳපොලේ බිත්තර මිල අතරමැදි වෙළෙන්දන් විසින් ඉහළ දමා ඇති බව කුකුළු ගොවීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු සංජීව කරුණා සාගර මහතා කුරුණෑගලදී පැවති මාධ්‍ය සාකච්ඡාවේදී පැවසීය.
බිත්තර අතිරික්තයක් වෙළඳපොලේ පැවති අවස්ථාවේදී කුඩා හා මධ්‍යම පරිමාණ ගොවීන් බිත්තර මිල පහත වැටීමත් සමග බිත්තර දැමීමට ආසන්න ආසන්නව සිටි කිකිළියන් විකුණා දැමූ බවත් එවැනි තත්ත්වයක් උඩ මහා පරිමාණ වෙළඳුන් විසින් ඉල්ලුමට සැපයුමක් නොමැති බව පවසා බොරු බිත්තර හිඟයක් මවා පාමින් රජය අපහසුතාවයට පත් කිරීමට සූදානම් වන බවද ඒ මහතා කීය.
.
දෙසැම්බර් මාස තුල බිත්තර මිල ඉහල දමා අධික ලාභ ඉපයීම සඳහා බොරු බිත්තර හිඟයක් මවා පාන බවත් දැනටමත් සත්ව ආහාර බෙහෙත් වර්ග ආදිය සඳහා පනවා ඇති බදු අඩුකර ගොවීන්ට සහන ලබාදීම සඳහා කෘෂිකර්ම හා පසු සම්පත් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ඇති බවත් එවැනි තත්ත්වයක් උඩ බොරු බිත්තර හිඟයක් මවාපාන බවද සංජීව කරුණා සාගර මහතා වැඩිදුරටත් පැවසීය...