කොවිඩ්-19 වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව කුවේටයේ සිටි ශ්‍රී ලාංකිකයන් 6000කට අධික පිරිසක් මේ වන විටත් ශ්‍රී ලංකාවට යවා ඇති බව කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා කුවෙට්යේදී ලියාපදිංචි වී සිටි ලාංකිකයන් ගණන 9000ක් බවද තානාපති කාර්යාලය පැවැසීය.
ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය සඳහා තානාපති කාර්යාලය, විදේශ අමාත්‍යාංශය, කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය, කම්කරු අමාත්‍යාංශය, විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE), ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ අදාළ කුවේට් බලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව කටයුතු කර තිබේ.
ආපසු පැමිණි අය අතරට කුවේට් රජයේ පිටුවහල් කිරීමේ මධ්‍යස්ථානයේ, කුවේට්හි රජයේ නිවස්නයේ සහ තානාපති කාර්යාලය විසින් පවත්වාගෙන යනු ලබන ආරක්ෂිත නිවස්නයේ රඳවා සිටි ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින් ඇතුළත් වේ.