කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස් නේවාසික වීසා කාළය උල්ලංඝනය කරමින් එරට රැදී සිටින සහ තම සේවා ස්ථාන වලින් පළා ගොස් සිටින ශ්‍රී ලාංකිකයන්ට, දඩ ගෙවීමකින් සහ නීතිමය බාධා වලින් තොරව එරටින් පිට වී යාම සදහා පොදු සමා කාළයක් කුවේට් හි එමීර් ෂෙයික් මෙෂාල් අල් - අහමඩ් අල් - ජාබර් මැතිතුමා විසින් ප්‍රකාශයට පත් කර ඇති බව කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාන්දීපන් බාලසුබ්රමනියම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවසීය .
මෙම පොදු සමා කාළය ඉකුත් 03/17 දින සිට එළඹෙන 06/17 දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය. කුවේට් රාජ්‍යය තුළ දැනට වීසා නොමැතිව නීතිවිරෝධී ලෙස රැදී සිටින ශ්‍රී ලාංකිකයන් 19,620 ක් පමණ සිටින බව නිල වාර්තා අනුව තමන්ට සනාථ වී ඇති බවත් , ඒ අතරින් මේ වනවිට යළි ශ්‍රී ලංකාව වෙත පිටත්ව යාම සදහා ශ්‍රී ලාංකිකයන් 5,000 ක පමණ පිරිසක් තම තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටින බව ද ශ්‍රී ලංකා තානාපතිවරයා පැවසීය .
මෙම පොදු සමා කාළයෙන් බැහැරව ශ්‍රී ලංකාවට පැමිණීමට සිදු වුවහොත් ඔවුන් අත් අඩංගුවට ගෙන ඇගිලි සළකුණු ලබා ගෙන , යළි කුවේට් රාජ්‍යය වෙත පිවිසීමට නොහැකි වන පරිදි රුපියල් 650,000 ක දඩ මුදලක් ද අය කර පිටුවහල් කිරීම සිදු කරනු ලබයි .
එහෙත් මෙම පොදු සමා කාළය තුළ කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී එරටින් පිට වීමට කටයුතු කළහොත් මෙම දඩ මුදල් ගෙවීම හෝ අනෙකුත් නීතිමය ක්‍රියාමාර්ග වෙත අනුගත වීම අවශ්‍ය නොවේ.
එසේම මෙම පොදු සමා කාළය තුළ මෙම දඩ මුදල ගෙවා දැමීමෙන් පසුව අවශ්‍ය නම් කුවේට් රාජ්‍යයෙන් බැහැර වී යාමකින් තොරව , තම නේවාසික වීසා නීත්‍යානුකූල කර ගැනීමෙන් පසුව තවදුරටත් එරට රැදී සිටිය හැකිය .
එහෙත් කුවේට් රාජ්‍යයේ අධිකරණයේ හෝ එරට පොලිස් ස්ථානයක නේවාසික වීසා සම්බන්ධ පැමිණිළි හැර වෙනත් චෝදනා ගොනු වී ඇති පුද්ගලයන්ට මෙම පොදු සමා කාළය උපයෝගී කර ගෙන එරටින් බැහැර වීමට අවස්ථාව නොලැබෙන බව ද ශ්‍රී ලංකා තානාපති කාන්දීපන් බාලසුබ්රමනියම් මහතා වැඩිදුරටත් සදහන් කර තිබේ .
එසේම මෙම පොදු සමා කාළය තුළ කුවේට් රාජ්‍යයෙන් පිට වීම සදහා සහනදායී මිළ ගනන් යටතේ ගුවන් යානා ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීම සදහා දැනට කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් සබදතා පවත්වන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සහ අල් ජසීරා ගුවන් සේවයේ විශේෂ කාර්යාල කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේ පිහිටුවා ඇති බව ද සදහන් වේ .