කුරුලු උණ රෝගය වාර්තා වන කිසිදු රටකින් මෙරටට සත්ත්ව නිෂ්පාදන හෝ සතුන් ආනයනය කිරීමට අවසර ලබා නොදෙන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්, ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය අවධාරණය කරයි.
ඇය පෙන්වා දෙන්නේ පළමුවරට ඇමරිකා එක්සත් ජනපදයේ ගවයන් ආශ්‍රිතව ද ඒවියන් ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැලඳී ඇති බවට වාර්තා වීම දරුණු තත්ත්වයක් වන බවයි.
ඒ අනුව මෙරට තුළ ක්‍රියාත්මක වන රෝග ආවේක්ෂණ වැඩ පිළිවෙළ පැවති අන්දමට තවදුරටත් ශක්තිමත් කර ඇති බවත්, අනිසි බියක් ඇති කර ගත යුතු නොමැති බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.