කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ බලප්‍රදේශ කිහිපයකින් උණ,වමනය සහ පාචනය සහිත රෝගීන් වාර්තා වෙමින් පවතින බව කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අවධාරණය කරයි.
එරත්න, ලස්සකන්ද, බටතොට ,කීරගල, කුරුවිට, තෙප්පනාව යන ප්‍රදේශ ප්‍රදේශවලින් රෝගීන් වාර්තාවී ඇති බවද සදහන්ය. මෙම ප්‍රදේශවල පානීය ජලමුලාශ්‍ර අපවිත්‍රවී වෛරස් ආසාධනයක් නිසා මෙම රෝගී තත්ත්වය ඇතිවි තිබෙන බවට විශ්වාසකරන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරු කියති. වාර්තාවු රෝගින් පරිභෝජනය කළ ජල මූලාශ්රවල සාම්පල් පරීක්ෂණ සදහා යවා ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කීහ.
සිරිපා වන්දනාකරුවන් හේතුවෙන් සිරිපා මාර්ගයේ ජල මූලාශ්‍ර අපවිත්‍රවී මෙවැනි රෝග තත්ත්වයන් බොහෝ වර්ෂවල මේ කාලයේ වාර්තා වී ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. එසේම ප්‍රඡා ජල යෝජනා ක්‍රම සහ පුද්ගලිකව ජල මුලාශ්‍ර ඇසිරුකොට නළ මගින් ලබාගන්න ජල මුලාශවලට සතුන්ගේ මළද්‍රව්‍ය එකතුවීමෙන් ද ජලය අපවිත්‍ර විය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සදහන් කලේය.
රොගීන් වාර්තාවන ප්‍රදේශවල පාසල් ගණනාවක් ඇත. ඒ බොහෝ පාසල්වලට පානිය ජලය ලබාගන්නේ ප්‍රඡා ජල යෝජනා ක්‍රම සහ කුඩානගර ජල යෝජනා ක්‍රම වලිනි. එම නිසා දරුවන්ට පාසලේ කාලයේදී පානය කිරිමට උණුකර නිවනලද ජලබෝතලයක් යැවීමට කටයුතු කරන ලෙස මව්පියන්ගෙන් ඉල්ලා සිටිති.
සියලුම ජල මුලාශ්‍ර පිරිසිදු කිරිම සහ ජලය ගෙනයන නළ මාර්ග, ජලටැංකි පිරිසිදු කිරීම, ජලය උණුකර නිවා පානය කිරිම, සැකසූ ආහාර මැස්සන්ගෙන් ආරක්ෂා සහිතව තබා ගැනීම හා ආරක්ෂිත ස්ථාන වලින් පමණක් ආහාර මිළදී ගැනීම, රෝග ලක්ෂණ සහිත අය වෛද්‍ය ප්‍රතිකාර වලට යොමුවීම හා දියර වැඩිපුර පානය කිරීම, රෝගියාට උපස්ථාන කරන අය සබන් යොදා හොඳින් දෑත් පිරිසිදු කර ගැනීම තුලින් රෝගයෙන් ආරක්ෂා විය හැකි බව සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කරයි.
තමන්ගේ පානීය ජල මූලාශ්‍රය හැකි හැම විටම ක්ලෝරීන්කරණය කර තබාගත හැකිනම් එය වඩාත් යෝග්‍ය වනු ඇති බව පවසන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, වසමේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ උපදෙස් ලබාගෙන එය කළ හැකි බව ද අවධාරණය කරති.
අජිත්ලාල් ශාන්තඋදය