හෘදයාබාධයකට ප්‍රතිකාර ගැනීම සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණ සිටියදී කොරෝනා ආසාදිතයෙකු බවට සැක කළ රෝගියා එවැනි ආසාදිතයෙකු නොවන බවට වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු වී ඇති බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය.
හෘදයාබාධයකට ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් වූ එම රෝගියා දැඩි ලෙස උණ රෝගයෙන්ද පෙළෙමින් තිබූ බවද ඔහු එම රෝගී තත්ත්වයන් සඟවමින් ප්‍රතිකාර ලබා ගැනීම හේතුවෙන් ඔහු කොරෝනා වෛරසය ආසාදනය වුවෙකු යැයි සැකකොට රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය ඊයේ පස්වරුවේ සිට තාවකාලිකව සම්පුර්ණයෙන්ම වසා දමා යළිත් අද දිනයේදී විවෘත කළේය.
මෙම වාතාවරණයත් සමග ස්වයං නිරෝධායනය සඳහා යොමුකර සිටි හදිසි ප්‍රතිකාර ඒකකයේ සේවය කරමින් සිටි පූර්ණ වෛද්‍ය කාර්ය මණ්ඩලයම නිරෝධායන ක්‍රියාවලියෙන් ඉවත් කිරීමට තීරණය කළ බවද වෛද්‍ය කැඳන්ගමුව මහතා සඳහන් කළේය. .
කෙසේ වුවද එම රෝගියා තවදුරටත් රෝහලේ කොරෝනා වෛද්‍ය ප්‍රතිකාර ඒකකයේ රඳවාගෙන ප්‍රතිකාර ලබා දෙන බවද නියෝජ්‍ය අධ්යක්ෂවරයා පැවසීය .