අයථා වත්කම් ඉපයීම ඇතුළු චෝදනා කීපයක් සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසිය අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයාට එරෙහිව කාන්තාවන් දෙදෙනකු අද (26) කුරුණෑගල ශික්ෂණ රෝහලේ පාලනාධිකාරිය වෙත පැමිණිලි කළහ.
වාරියපොළ සහ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 32 ක් සහ 29 ක් වයැසැති කාන්තාවන් දෙදෙනෙකු මෙසේ පැමිණිලි කර ඇත.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියොජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ඉදිරියේ එම කාන්තාවන්ගේ පැමිණිලි සටහන් කර ගත්තේය.
තමන් විවාහ වී කෙටි කාලයකදී ගැබ්ගෙන කුරුණෑගල ශික්ෂණ රෝහලේදී පළමු දරුවා බිහි කිරීමේ සිසේරියන් සැත්කම් ෂාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයා යටතේ සිදුකළත් යළිත් තමන් ගැබ් ගැනීමකට ලක්නොවූ බව ඔවුහු පැමිණිලි කර තිබේ.
එම පැමිණිලි බාර ගැනීමෙන් අනතුරුව මෙම කාන්තාවන් දෙදෙනාගේම කැමැත්ත අනුව හෙට (27දා) ඔවුන් වන්ධ්‍යකරණයට ලක්ව ඇතිදැයි අනාවරණය කර ගැනීම සඳහා පරීක්ෂාවට ලක්කරන බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය.
ගීතාංජලී ප්‍රියදර්ශනී
