කුරියර් ක්රමයට කේරළ ගංජා ගෙන්වා ගත් පුද්ගලයෙකු ඊයේ (23දා) බළපිටිය වලගෙදර ප්රදේශයේදී සැකපිට ප්රශ්න කිරීමට අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන ඒකකය සඳහන් කරයි. බළපිටිය, වලගෙදර පදිංචි හතළිස් පස්හැවිරිදි පුද්ගලයෙක් මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.
සැකකරු සතුව තිබූ ගංජා ග්රෑම් පන්සීයක්ද පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරු විසින් ගෙන්වා ගන්වා ගන්නා ලද ගංජා ගාලු දිසාවේ ධීවර වරාය වලින් මුහුදු රැකියාවට යන ධීවරයන්ට අලෙවි කරන බවට අනාවරණය වූ බවද එම ඒකකය සඳහන් කරයි.
අත්අඩංගුවට පත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අම්බලන්ගොඩ පොලීසියට භාරදී තිබේ. ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන අංශය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.