කුබුක්කන් ඔයේ දියනෑමට ගොස් ඝාතනයට ලක්වූ දෙදරු මවකගේ මළසිරුරක් ඊයේ (19) පස්වරුවේ ලුණුගල කුබුක්කන් ඔයේ තිබියදී හමුවූ බව ලුණුගල පොලිසිය පවසයි .
ලුණුගල ජනතාපුර තුබහිටියවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි වර්ණසූරියගේ සුමිත්‍රා දමයන්ති (36) නැමති දෙදරු මවක් මෙසේ ඝාතනයට ලක්වී ඇතැයි පොලිසිය කීය ..
මැය සිය නිවස අසල පහලින් පිහිටි කුඹුක්කන් ඔයේ දියනෑමට ඊයේ (19) පස්වරුවේ ගොස් ඇති බවත් , එම අඅවස්ථාවේ ඇයගේ 17 හැවිරිදි දියණිය සහ 12 හැවිරිදි පුතා නිවසේ සිට ඇති බවත් පොලිසිය පැවසීය .
මෙසේ ඇය කුඹුක්කන් ඔයේ දියනෑමට ගොස් සිටියදී කිසිවෙකු විසින් මැයට පහරදී ඝාතනය කර ඇති බවත් , මළසිරුර කුඹුක්කන් ඔයේ මුනින් අතට හැරී වැටී තිබියදී පොලිසිය සොයා ගෙන ඇත.
මැයගේ මුහුණට , හිසට නළලට බරපතළ තුවාල සිදු ව තිබූ බවත් මුඛයේ දත් කීපයක් කැඩි ගොස් තිබිණැයි පොලිසිය සදහන් කළේය .මෙම කාන්තාව සහ ඇයගේ සැමියා අතර කාලයක පටන් පවුල් ආරවුලක් තිබී ඇති බවත් , අවස්ථා කීපයකදී එම ආරවුල සම්බන්ධයෙන් පොලිසිය ටද පැමිණ ඇතැයි පොලිසිය පවසයි .
කාන්තාවගේ ඝාතනයෙන් අනතුරුව රියදුරෙකු ලෙස රැකියාව කරන මැයගේ සැමියා ප්‍රදේශයේන් පලාගොස් ඇති බවත් , ඔහු විසින් මෙම ඝාතනය සිදු කරන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
පස්සර මහේස්ත්‍රාත් උදිත් සම්පත් ගුණතිලක මහතා ඊයේ (19);මෙම සිද්ධිය වූ ස්ථානයට ගොස් ස්ථානීය පරීක්ෂණය සිදු කරමින් මහේස්ත්‍රාත් පරික්ෂණය පැවත්වූහ .
මෙම මළසිරුර බදුල්ල ශික්ෂණ රෝහලට යවා එහි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ලවා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර අධිකරණයට කරුණු වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත් උදිත් සම්පත් ගුණතිලක මහතා පොලිසිය ට නියෝග කළහ .
මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර , සැකකාර සැමියා සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන කටයුතු සිදු කරන බවද පොලිසිය පවසයි
ඇල්ල ප්‍රසාද් රුක්මල්