අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රැඳවුම් නියෝග යටතේ අත්අඩංගුවේ පසුවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවරංකරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පානදුර කුඩු සලිඳුගේ මත්ද්‍රව්‍ය ජාලය ඩුබායි සිට මෙහෙයවන අසිත නමැත්තාගේ ඥාති සහෝදරියක් වන පැට්ටා නමැත්තිය හොරයින් මත්කුඩු මිලිග්‍රෑම් 10571 ක් ජාවාරමින් උපයාගත් රුපියල් 22 ලක්ෂ 47,450 ක් සමඟ පානදුර මහවිල මාදුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය කියයි.
සැකකාරිය විකිණීම සඳහා මත්ද්‍රව්‍ය රැගෙන එන බවට පානදුර වළාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරකට අනුව පොලිස් සැරයන් 428 ජයලාල් මහතා ඇතුළු බුද්ධි නිලධාරීන් යොදවා අනාවරණය කර ගත් තොරතුරු අනුව මෙම වැටලීම සිදු කර ඇත.
සැකකාරිය මහවිල මාදුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පොලිස් කාන්තාවක් ලවා සැකකාරිය පරික්ෂා කිරීමේදී රහස් ප්‍රදේශයේ සඟවා තිබූ මෙම හොරෙන් මත්ද්‍රව්‍ය ප්‍රමාණය සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
සැකකාරිය පදිංචි මහවිල මාධුපිටිය පාර බැටදීම සඳහා පැමිණෙන පොලිස් නිලධාරීන්ට සපා කෑම සඳහා විශේෂයෙන් පුහුණු කරන ලද දරුණු ගණයේ සුනඛයින් සිව් දෙනෙකුද නිවසේ මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන යාම සඳහා ආරක්ෂාව වෙනුවෙන් ඇති බව පොලිසිය කියයි.
ඊට අමතරව පැමිණෙන පොලිස් නිලධාරින් දුර සිට නිරීක්ෂණය කිරීම සඳහා ුවා තිබූ අතර වැටලීම සඳහා පැමිණෙන පොලිස් නිලධාරීන්ට ක්ෂණිකව නිවසට ඇතුළු වීම වැළැක්වීම සඳහා නිවස වටා පිහිටි තාප්පය හා සම්බන්ධ කර යකඩ වැඩක් යොදා ඇතැයි ද පොලිසිය කියයි.
මීට පෙර අවස්ථාවක දි පැමිණි සාජන් මේජර්වරයෙකු අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා අත්අඩංගුවට ගත් මෙම කාන්තාව විසින් සපාකා තුවාල කිරීම සඳහා සම්බන්ධයෙන් මෙම කාන්තාවට එරෙහිව පානදුර අධිකරණයේ නඩුවක්ද විභාග වෙමින් පවතින අතර සැකකාරියට එරෙහිව හොරයින් මත්කුඩු ලඟ ලබා ගැනීම සම්බන්ධයෙන් මා හදිකරණයේ නඩු දෙකක්ද විභාග වෙමින් පවතින බව පොලිස් නිලධාරියකු පැවසීය.
කුඩු සලිඳුගේ මත්ද්‍රව්‍ය ජාලයේ මත්ද්‍රව්‍ය අරන් කිරීම සම්බන්ධයෙන් මෙම සැකකාරියගේ පියා ස්වාමිපුරුෂයා සහ වැඩිමල් සහෝදරයාද මේ වන විටත් පොලිස් අත්අඩංගුවේ පසුවෙන බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
අත්අඩංගුවට ගත් 26 හැවිරිදි සැකකාරිය පානදුර පින්වත්ත පොලිසි ස්ථානය වෙත ඉදිරිපත් කරන රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදුකිරීමට නියමිතය.
පාරදුර වළාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂක සමන්තිලක වැලිවිට මහතාගේ නියෝග පරිදි ප්‍රධාන පොලිස් පරික්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර උප පොලිස් පරික්ෂක සඳරුවන් , රත්නායක, ජයලත්පොලිස් සැරයන් වරුන් වන 428 ජයලාල් 51068 පුෂ්පකුමාර 6462 බණ්ඩාර මහත්තුරු ඇතුළු පොලිස් කොස්තාපල්වරු කණ්ඩායමක් වැටලීම සිදුකරහ