මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවකු වන කුඩු සලිදු නැමැත්තා ඩුබායි රාජ්‍යයේ සිට මෙහෙයවනු ලබන මත්ද්‍රව්‍ය ජාලයට අයත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් දහයක් රිවෝල්වර් වර්ගයේ ජීව උණ්ඩ විස්සක්, මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයා ගත් බවට සැක කරන හතළිස් දෙලක්ෂ හතළිස් නමදහසක මුදලක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර නල්ලුරුව ප්‍රදේශයේ පදිංචි 27 සහ 34 වයසේ පසු වන දෙදෙනෙකු බව පොලිස් පොලිසිය කියයි.
විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එහි පොලිස් පරීක්ෂක පි.ඒන්.ඒ.ජේ.පි.කේ. වන්නිආරච්චි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පානදුර දකුණ , නල්ලුරුව නෙවිල් පෙරේරා මාවතේදී සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10, මිලි ග්‍රෑම් 400 ක් හා .38 SPECIAL රිවෝල්වර් වර්ගයේ ජීව උණ්ඩ 20 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පසුව ඔහුගෙන් ලද තොරතුරකට අනුව , නල්ලුරුව , නෙවිල් පෙරේරා මාවත, නල්ළුරුව, ප්‍රදේශයේ කුලී නිවසක අල්මාරියක සගවා තිබු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරන රුපියල් 4,249,900 ක මුදලක් සොයාගත් බවකියයි.
අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයින් දෙදෙනා සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පානදුර කුඩු සලිදු නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරනු ලබන ප්‍රධාන ගෝලයන් වන ඩුබායි රාජ්‍යයේ රැදි සිටින නිලංග සම්පත් හා සංක සම්පත් යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවනු ලබන පුද්ගලයන් බවත්, මෙම අයවළුන් කුඩු සලිදු නැමැත්තා විසින් සිදුකරන ලද අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයන් බවට අනාවරණය වී තිබේ.
ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න