හලාවත රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පොලීසිය විසින් ඇතුලත් කළ සැකකටයුතු පුද්ගලයෙකුගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමට හලාවත මහේස්ත්‍රාත් ශෂිතද සිල්වා මහතා විසින් ලබාදුන් නියෝගයකට අනුව අද 07 දින වෛද්‍ය පරීක්ෂණයක් සිදුකළ හලාවත රෝහල් අධිකරණ වෛද්‍ය නිළධාරී
ඉලංගරත්න බංඩා මහතා පවසන්නේ මෙම මරණය උගුරේ පොලිතීන් ආවරණයක් සහිත පාරසලයක් සිරවීමෙන් ඇති වූ ශ්වසන ආබාධ හේතුවෙන් සිදුවූ මරණයක් බවයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ හලාවත, රත්නඋයන පදිංචි, මරිස්ස පටබැදිගේ ප්‍රභාත් අබේවීර නැමති පුද්ගලයෙකි. පොලිස් පරීක්ෂණ වලට අනුව මෙම පාරසලයේ හෙරොයින් මිලී ග්‍රෑම් 5000ක ප්‍රමාණයක් තිබූ බවපවසයි.
ඉකුත් 06දා හලාවත පම්බල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පෙරවැරදි ගනනාවකට චෝදනා ලැබ සිටි සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි පුද්ගලයෙකු පම්බල ප්‍රදේශයේ සැරිසරන බවට මාදම්පේ
පොලීසියට සහ හලාවත කොට්ඨාස විෂමත් ද්‍රව්‍ය ඒකකයට ලද තොරතුරකට අනුව එම ප්‍රදේශයේ ඒකාබද්ධ මෙහෙයුමක් සිදුකළ පොලිස් කණ්ඩායම සැකකටයුතු ත්‍රීරෝද රථයක් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂාවකදී එහි පිටුපස අසුනේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු එම ත්‍රී රෝද රථයෙන් පැන පලාගිය බව පොලීසිය පවසයි.
අනතුරුව පොලිස් නිළධාරීන් කණ්ඩායම සැකකරුවන් හඹායාමේදී එක් සැකකරුවකු අතුරු මාර්ගයකදී බිම ඇද වැටී නැගිට නැවත බිම ඇද වැටී ඇතිවු අසනීප තත්වයක් හේතුවෙන් විමරෂණ කණ්ඩායම විසින් ප්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුලත් කර ඇත. සුලුවේලාවකින් සැකකරු මරණයට පත්ව ඇති අතර පැනගොස් සිටි දෙවන සැකකරු එම ස්ථානයට නුදුරින් මඩවලක සැගව සිටියදී සොයාගත් බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට එම සැකකරුඅත්අඩංගුවට ගෙන ඇති අතර වෛද්‍ය පරීක්ෂණය සමබන්ධයෙන් ගරු අධිකරණයට කරුණු වාරතා කිරීමට නියමිත බව පොලීසිය පවසයි.
ලලිත් නවරත්න