කුකුළු මස් හා බිත්තර ආහාරයට ගැනීමේදී හොඳින් පිස ආහාරයට ගන්නා ලෙසත් අමු හෝ අඩුවෙන් පිසින ලද කුකුළු නිශ්පාදන පරිභෝජනයෙන් වළකින ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දී සිටියි.
ඉන්දියාවේ ව්‍යාප්තවූ කුරුළු උණ හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මේ පිළිබඳව අවදානය යොමුකිරීමත් සමග සෞඛ්‍ය ප්‍රවර්ධන කාර් යංශය විසින් මෙම දැනුමවත් කිරීම තවදුරටත් සිදුකරයි.
පක්ශීන් හේතුවෙන් පැතිරෙණ මෙම කුරුළු උණ මිනිසුන්ටද වැළඳිය හැකි බැවින් ඉතාමත්ම විමසිල්ලෙන් සිටින ලෙසත්, කුරුල්ලන් හෝ කුරුළු මළ අපද්‍රව්‍ය ස්පර්ශ වීමෙන් වළක්වා ගන්නා ලෙසත් වැඩිදුරටත් දැනුම්දී සිටියි.
කුකුළු ගෙවිපලවල කුකුලන් මියයාමක් සිදුවුවහොත් වහාම ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ට ඒ බව දන්වන ලෙසත් ඔවුන් දැනුම් දී සිටියි.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය