සිය රජයක් යටගේ ගොවි ජනතාවට ගුණාත්මක කිලෝග්‍රෑම් 50ක පොහොර මිටිය රුපියල් 5000කට අනිවාර්යෙන් ලබා දෙන බව සමගි ජන සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පොළොන්නරුවේ ඊයේ (25දා) පැවති ජනහමුවකදී ගොවි ජනතාව අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
“අපේ හිතවත් ගොවි ජනතාවට කියන්න කැමතියි, ගුණාත්මකභාවයෙන් ඉහළ පොහොර කිලෝග්‍රෑම් 50 මිටිය අපි රුපියල් 5,000ට ගොවි ජනතාවට ලබා දෙන්නට අනිවාර්යෙන්ම කටයුතු කරනවා. ඒ වගේම කෘෂිරසායන, තෙල් පොහොර මිල නියාමනයකට ලක් කරලා කළුකඩ වෙළඳුන්ගෙන් මේ මිල වැඩි වීමේ ක්‍රමවේදය මුදාගෙන දරාගත හැකි මිලකට ඔබට කෘෂිරසායන ලබා දෙන්නත් අපි කටයුතු කරනවා.
පොහොර බෙදා දීමේදී අපි හැමෝම දන්නවා කළුකඩ ජාවාරම්කරුවන් මේක ග්‍රහණයට ලක්කරගෙන හමාරයි. ඒ නිසා ගොවිජන සේවා මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගෙන දූෂණයෙන්, වංචාවෙන්, ඉහළ මිල වැඩි කිරීම්වලින් තොරව මේ වැඩ කටයුතු විනිවිදභාවයෙන් යුක්තව ක්‍රියාත්මක කරන්න අපි කටයුතු කරනවා.
ඒ වගේම කිව්.ආර් කෝඩ් එක කේන්ද්‍ර කරගෙන ගොවි ජනතාවට, ධීවර ප්‍රජාවට, ත්‍රිරෝද රථ රියදුරන්ට, පාසල් ප්‍රවාහන සේවයට, ශක්ති වී මෝල් හිමියන්ට අපි ඉන්ධන සහනාධාරයක් ලබා දෙනවා කියලා මේ අවස්ථාවේ කියනවා. ඒ වගේම මම විශේෂයෙන් කියන්න කැමතියි පාස්කු ප්‍රහාරය, කෝවිඩ් ව්‍යසනය, කාබනික පොහොර වංචාව, නැනෝ පොහොර වංචාව මේ හැමදේම නිසා අපේ ගොවි ජනතාව විපතට පත්වෙලා ඉන්නේ. තමන්ගේ සීමා සහිත මුදල උපයෝගී කරගෙන, කණකර දේපොළ තියෙන දේත් උකස් කරලා ඔබට පහර පිට පහර ජන ජීවිතයට එල්ල වුණා.
හිස මත කර මත අසීමිත පීඩනයක් පැටෙව්වා. මම ඔබට කියන්න කැමතියි මේ පීඩනයට අසහනයට ලක්වෙලා දූ දරුවන්ට වේල් තුන දී ගන්න බැරි මහා අසරණ වූ ජනතාවක් සිටිනවා. අපි ගොවි ජනතාවගේ වගා ණය සම්පූර්ණයෙන්ම කපා හරිනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.
ඒ වගේම ඔබගේ නිෂ්පාදනයට සාධාරණ සහතික මිලක් ලබා දෙනවා. අද බලන්න කීරි සම්බා පාරිභෝගිකයාට දෙන්නේ කීයටද? තුන්සිය ගානකට. නාඩු දෙන්නේ කීයටද? දෙසිය විසි ගානකට. සම්බා දෙන්නේ කීයටද? දෙසිය තිස් ගානට. ගොවියාට කීයද ලැබෙන්නේ? කීසි සම්බාවලට රු.105යි. නාඩුවලට රු.110යි. සම්බාවලට රු.98.50යි. මේ ඊයේ මිල ගණන්. ගොවියාට සලකන්න මෙහෙම පුළුවන්ද ? මේ මහා මෝල් මාෆියාවට ගොවියට ලබා දුන් සාධාරණ මිල අහිමි කරන්න ? අපි ඒකට ඉඩ තියන්නේ නෑ. ඒ වගේම කෝටි ප්‍රකෝටි පතියන්ට ලබා දුන් සහන ඉවත් කරලා ආපසු ඒ ණය අපි අය කර ගන්නවා.”