කැළණි ගඟේ ජලයේ ගුණාත්මක බව ඉහළ ගොස් ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය විසින් සිදු කරන ලද පරීක්ෂණ අනුව තහවුරු වී තිබේ.
මේ වන විට කැළණි ගඟෙන් ලබාගත් සාම්පලවල විශ්ලේෂණ කටයුතු ආරම්භ වී ඇත.
ක්ෂේත්රයේ දී මිනුම් කරන ලද පරාමිතීන්ට අනුව ජලය බොරතාවය මෑත කාලේ කිසිදිනක වාර්තා නොවූ ලෙස යහපත් තත්ත්වයක පැවතීම ජලයේ ගුණාත්මකභාවය වැඩි වී ඇති බවට නිදසුනක් බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.
කර්මාන්තශාලාවලින් ද්‍රවමය අපද්‍රව්‍ය මුදා නොහැරීම කැලණි ගඟේ ජලයේ ගුණාත්මක බව මෙලෙස ඉහළ යාමට හේතුවක් වී ඇති බවට මධ්‍යම පරිසර අධිකාරියේ රසායනාගාර සේවා අංශය පවසයි. මේ සඳහා කඩුවෙල පාලම කලූ ඇල පාලම ඇතුළු තවත් ස්ථාන කිහිපයකින් පරීක්ෂණ සඳහා කැලණි ගඟේ ජලය ලබාගෙන තිබේ.