පොළොන්නරුව සෝමාවතී මාර්ගයේ පළවෙනි සහ දෙවනි කිලෝ මීටර් කණුව අතරතුරදී ඊයේ (08) පස්වරු හය තිහට පමන කැබිි රථයක් හා ත්රී රෝද රථයක් ඒකිනෙක ගැටීම නිසා ත්රීරෝද රථයේ ගමන් ගත් වයස මාස නමයක දරුවකු පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමේදී මරු මුවට පත්ව ඇත.
ත්රීරෝද රථයේ ගමන් ගත් තවත් තවත් පිරිමි දරුවන් දෙදෙනෙකු ඇතුළුව සය දෙනෙකු බරපතුල තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි පොළොන්නරුව පොලිසිය පවසයි.
අනතුරින් සෝචනීය ලෙස මරු මුවට පත්වඇත්තේ නව ගම්මානය කලහගල පදිංචි කේ.බි් .සෙනුල් සස්මිත දරුවාය.
අනතුරට පත් ත්රීරෝද රථයේ රියදුරා ඇතුලුව සත් දෙනකු ගමන් කර ඇති බව පොලිසිය කියයි.
සිද්ධිය පිළිබඳ සැකපිට පොළොන්නරුව රවුම් පාර ප්රදේශයේ පදිංචි පනස් නව හැවිරිදි කැබි රථයේ රියදුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.