අනුරාධපුර - රඹෑව ප්රධාන මාර්ගයේ රඹෑව නගරාසන්නයේදී අද අළුයම 1.30ට පමණ සිදුවූ මාරක රිය අනතුරකින් පාසල් සිසුවකු ඇතුළු තිදෙනකු මරණයට පත්ව ඇතැයි මහින්තලේ පොලිසිය පවසයි. අනතුරින් බරපතල තුවාල ලැබූ තවත් තිදෙනෙක් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
රඹෑව නගරයේ පැවති සංගීත ප්රසංගයක් නරඹා ආපසු යමින් සිටි තරුණයන් පිරිසගේ කැබ් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර අනතුරින් පසුව කැබ් රිය පළාගොස් තිබේ.
අවුරුදු 14, 19 සහ21ත් අතර වියේ පසුවන තරුණයින් තිදෙනෙක් මෙසේ මියගොස් තිබේ. අනතුර සිදුකළ කැබ් රථය හා රියදුරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.