මොණරාගල වෙල්ලච්ච්කඩේ ප්‍රදේශයේදී, කැබ්රථයකට යටකර පුද්ගලයන් දෙදනෙකුට මරණීය තුවාල සිදුකිරිම සම්බන්දයෙන් සැකපිට, පුද්ගලයකු, එම අපරාධය සිදුකිරිමට යොදාගත් කැබ්රථය සමග ඊයෙ (19) අත්අඩංගුවට ගත්බව මොණරාගල පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත් සැකකරැ,මොනරාගල, කුඹුකන, ගල්වල පාරේ පදිංචි පුද්ගලයකු බවට හදුනාගෙන තිබේ.
පොලිසිය පවසන්නේ, මෙම සැකකරැ, සිද්ධියෙන් තුවාල ලැබු පුද්ගලයින් දෙදනා, කැබ්රථයට යටකර මරා දැමීමේ චේතනාවෙන්, මෙම අනතුර සිදුකර ඇතිබවට විමර් ශණවලදි අනාවරණය වු බවයි.
අනතුරෙන් බරපතල තුවාල ලබා, මෙි වන විට මොණරාගල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් ඇත්තේ,මොණරාගල වෙල්ලච්ච්කඩෙි ප්‍රදේශයේ පදිංචි, එචි.එම් තුසිත රණතුංග බන්ඩාර හා ඩී.එම් මලිත ගයාශාන් නැමති තරැණයින් දෙපලක් බව පොලිසිය පවසයි.
එම තුවාලකරැවන්ගේ තත්වය, තරමක් බරපතල බවත්, ඔවුන් දෙදනා මෙි වනවිට සැත්කමකට භාජනය කර ඇති බවත්, මොණරාගල මහ රෝහලේ ප්‍රකාශකයකු අපකල විමසිමකදී පැවසීය.
සිද්ධිය වු දිනට පෙරදින, අනතුරින් තුවාල ලැබුවන් දෙදනා, ප්‍රදේශයේ අවමංග්‍ය උත්සවයකට සහභාගී වි ඇති බවත්, එහිදී සැකකරැගේ සහෝදරයකු ඇතුලු පිරිසක්, මෙම තුවාලකරැවන් දෙදනා සමග ගැටුමක් ඇතිකරගෙන තිබෙන බවත්, පොලිසිය පවසයි.
මෙම සිද්ධියෙන් පසුව තුවාලකරැවන් දෙදනා පසුදා අලුයම 2.30ට පමන නිවෙස්වලට යාමට, මොණරාගල වෙල්ලච්ච්කඩේ ප්‍රදේශයේ, මොණරාගල- වැල්ලවාය ප්‍රධාන මාර් ගයේ රැදී සිටියදී, සැකකරැ, කැබ්රථයක් පදවාගෙන පැමිණ මාර් ගය දෙපැත්තේ සිටි, මෙම පුද්ගලයින් දෙදනා, කැබ්රථයේ හප්පා පලාගොස් ඇතැයි, පොලිසිය මෙි සමිබන්ධයෙන් සිදුකල විමර් ශණයේදී අනාවරණය කරගෙන තිබෙි.
පොලිස් හදිසි ඇමතුම් එකකය ලැබුනු පණිවිඩයකට අනුව, පොලිසිය මෙම විමර් ශනය සිදුකර තිබුනි.සිද්ධිය සමිබන්දයෙන් අත්අඩංගුවට පත් සැකකරැ, හා අනතුර සිදුකල කැබ්රථය, මොණරාගල මහේස්ත්‍රාත්අධිකරණය හමුවට පැමිණවිමට නියමිතව තිබුණි.
මොණරාගල කොට්ඨාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධි උඩුගමසුරිය මහතාගේ උපදෙස් මත, මොණරාගල මුලස්ථාන පොලිසිය මෙි පිලිබදව වැඩිදුර විමර් ශණ කටයුතු සිදුකරයි.