ශ්‍රී ලංකාව තුළ ජන සංහාරයක් සිදුව ඇති බවට කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ මහතා කළ චෝදනාව ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මෙම කාරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරය මීට පෙරද අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ මහතා වෙත අවධාරණය කර ඇතැයිද විදේශ අමාත්‍යාංශය පවසයි.
කැනඩාවේ දේශීය ඡන්ද පදනම සැලකිල්ලට ගෙන කරන මෙම චෝදනා ශ්‍රී ලංකාව සහ කැනඩාව යන දෙඅංශයේම සමගියට සහ වාර්ගික සහජීවනයට හිතකර නොවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.