කැනඩාවේ පදිංචිය සඳහා මෑතකදී සංක්‍රමණය වූ ලාංකික පවුලක සාමාජිකයන් 6 දෙනෙක ඝාතනය කර ඇතැයි කැනඩා පොලීසිය තහවුරු කළ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
එකම පවුලේ මව හා ඇයගේ දරුවන් සිව් දෙනා මෙන්ම පවුලේ හිතවතෙක් මෙසේ ඝාතනය කර තිබේ. දරුවන්ගේ පියා බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
ඒම පවුල සමගින්ම සිටි 19 හැවරිදි සිසුවෙක් මෙම ඝාතනය කර ඇති බවට හඳුනාගෙන තිබේ. ඔහු කැනඩාවේ ඉගෙනුම ලබන්නෙකි.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ අවුරුදු 35ක් වන මව ඇයගේ හත් හැවැරිදි පුතා, සිව් හැවැරිදි දියණිය, දෙහැවිරිදි සියණිය හා මාස දෙකක් වයසැති සිඟිති බිළිදෙකුයි.
එසේම එම පවුල සමග සිටි 40 හැවැරිදි පුද්ගලයෙක්ද ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම ඝාතනයන් තියුණු ආයුධයකින් පහරදී සිදුකර තිබේ.