අද මෙරට මරණ වලින් සියයට 89 ක් පිළිකා, හෘද වස්තුවේ රෝග, පෙණහළු රෝග සහ දියවැඩියාව යන බෝ නොවන රෝග නිසා සිදුවන බවත්, එයිනුත් වැඩි මරණ ප්‍රමාණයක් සිදු වන්නේ හෘද වස්තුවේ රෝග සහ ආඝාතය නිසා බවත්, වසරකට 60,000 ක් පමණ ආඝාතයට ලක්ව 4000 ක් පමණ මියයන බව වෙද්‍ය පාලිත මහීපාල මහතා පවසයි. මෙම රෝග වලින් වැළැකීමේ දි කාරණා 04 ක් ගැන දැනුවත් විය යුතු බවත්, එනම් දුම්පානය, මධ්‍යසාර භාවිතය, අධික ලෙස සීනි, ලුණු භාවිතය සහ ව්‍යායාම නොකිරිම පෙන්වා දිය හැකි බව “තෙවන ඇසට සුවය සදමු” ශ්‍රී ලාංකීය මාධ්‍යවේදීන් උදෙසා පිදෙන සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනේ පළමු අදියරේ සමාරම්භය පැවැත්වූ අද (07) දීනදී පවසා සිටියේය.
පසුගිය ශතවර්ෂය තුල ලෝකයේ මිලියන 100 ක් දුම්පානය නිසා මරණයට පත්ව ඇති බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි මෙම ශතවර්ෂය තුල ද එම ප්‍රවණතාවයම පැවතුන හොත් බිලියනයක් දුම්පානය නිසා මරණයට පත්වනු ඇතැයි අනුමාන කරන බව ද පැවසිය. ලෝකයේ වසරකට මිලියන 10 ක් පමණ දුම්පානය නිසා මරණයට පත්වන බව ද කීය. ව්‍යායාම නොකිරිම නිසාම මිලියන 1.4 ක් පමණ ලෝකයේ මරණයට පත්වන බවත්, අප රටේ සියයට 46 ක් පමණ කාන්තාවන් බර වැඩි බව ද, පාසල් යන දරුවන් සියයට 10 ක් පමණ බර වැඩි බව ද පැවසිය.
මෙරට සෞඛ්‍ය සේවාව කළාපයේ හොදම සෞඛ්‍ය සේවාවක් පවතින රට බවත්, අවම මාතෘ හා ළදරු මරණ අනුපාතිකයක් තිබෙන රට බවත්, කාන්තාවන් සදහා ආයු කාලය අවුරුදු 83 දක්වා වැඩි වි ඇති බවත් ඇමරිකාවටත් වඩා ඉහළින් සිටින බවද මේ සියල්ලටම හේතුව ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ ශක්තිමත්භවය හේතු වී ඇති බව ද පැවසිය.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය