සිය වයෝවෘද්ධ නැන්දනිය තියුණු ආයුධ ප්‍රහාරයකින් ඝාතනය කල ලේලියක තම බාල වයස්කාර දරු දෙදෙනො ප්‍රාණ ඇපයට ගෙන සිටියදී ගම්පොළ ඇත්ගාල පොලිස් නිලධාරීන් පැය දෙකහමාරක උපක්‍රමශීලී මෙහෙයුමකින් පසු අද(07)අලුයම තුනයි තිහට පමණ ඇය අත්අඩංගුවට ගෙන තිබේ.
ගම්පොළ උලපනේ ,උලපනේ වත්ත පදිංචි 78 හැවිරිදි එස්. ජෝති නැමැති පස් දරු මව සිය ලේලිය අතින් මෙසේ ඝාතනය වී තිබේ.
ඝාතනයට ලක්වු කාන්තාවට හිමි නිවසේ තිස්දෙහැවිරිදි මෙම ලේලිය හා ඇගේ 7 හා 4 හැවිරිදි දියණියන් දෙදෙනා පමණක් සිට ඇති අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ දොළහට පමණ මෙම ඝාතනය සිදුවී ඇති බව පොලිසිය පවසයි.
යාපනයේ පදිංචිකාරියක වන මෙම සැකකාරිය විවාහයෙන් පසු උලපනේ වත්තට පදිංචියට පැමිණ ඇති අතර ඇගේ සැමියා වන මණිවේල් ජෝශප් යන අය රැකියාව සඳහා යාපනයට ගොස් තිබුණි. ඝාතනය වූ මව මාසයක පමණ කාලයක් අසනීපව එක්තැන්ව සිට තිබේ.
ඇගෙන් නිතරම කරදර බව පවසමින් ඇයට මෙම ලේලිය තර්ජනය කරමින් සිට ඇති බවට පොලිසියට තොරතුරු ලැබී තිබිණ.
මෙම නිවසට යාබදව මියගිය කාන්තාවගේ එක් පුතෙකුද පදිංචිව සිටින අතර මහ රෑ ඇසුණ ශබ්දයකට ඔවුන් එම නිවස පරීක්ෂා කොට තිබේ.
තියුණු මන්නයකින් තම මව කපා කොටා තිබෙනවා දුටු පුතා ඇතුළු අසල්වැසියෝ ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කර ඇය රෝහල් ගත කර තිබේ.
උලපනේ වත්ත කන්දක් උඩ පිහිටි මෙම නිවසට පොලිසිය අලුයම එකට පමණ ළඟා වී ඇති අතර ඒ වන විට මෙම සැකකාර කාන්තාව දොර ජනෙල් වසා නැන්දැනිය කැපු කැත්ත දරු දෙදෙනාට එල්ල කොට කිසිවකුත් ලඟට නොඑන ලෙස තර්ජනය කරමින් සිට තිබේ.
දරුදෙදෙනාද කපා කොටා ඝාතනය කරන බව ඇය පැවසීම නිසා ඇත්ගාල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සෙණරත් කකුලන්දර මහතා යාපනයේ සිටින ඇගේ සැමියාට දුරකථන ඇමතුමක් දී සිදුවීම විස්තර කර බිරිඳට කතා කොට ඇය සංසුන් කරන ලෙස පවසා තිබේ.
මේ ආකාරයට පැය දෙක හමාරක් පමණ දැඩි උත්සාහයක් ෙගන ඇය මෙල්ල කර ඇගෙන් දරු දෙදෙනා බේරාගෙන ඇය අත්අඩංගුවට ගෙන තිබේ.
ඝාතනයට ලක් කර ඇති කාන්තාවට මෙම සැකකාරිය දරුණු අන්දමින් වද දී තිබෙන අතර ඇගේ ශරීරය පුරා කැපුම් තුවාල දක්නට තිබේ. ඇගේ කෙස් වැටියද කපා දමා තිබියදී පොලිසියට හමුවිය.
ගම්පොළ වැඩ බලන මහේස්ත්‍රාත් නන්දනී කාන්තිලතා මහත්මිය සිද්ධ වූ ස්ථානයට පැමිණ මහේත්‍රාත් පරීක්ෂණය පැවත්වූ අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර පේරාදෙණිය මහ රෝහල වෙත රැගෙන යන ලෙස දැනුම් දෙන ලදී.
එම මරණ පරීක්ෂණය හෙට (08) දින සිදු කිරීමට නියමිතව තිබේ.
ගම්පොළ -සුරංග දිල්හාන්