මුදල් සහ දේපළ සොරා ගැනීම සදහා ව්‍යාපාරික නිවසකට ඇතුළු වී එහි සිට කාන්තාව ගෙළ කපා මරා පසුව පුළුස්සා දමා පළා ගොස් සිටි යුධ හමුදාවෙන් පළා ගිය සෙබලෙකු ඊයේ (08) දින රාගම පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මොහු රාගම , තලගොල්ල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි ශ්‍රී ලංකා යුධ හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ සේවය කළ වලිමුණි ලසන්ත අබේසේකර නැමැති සෙබලෙකි.
ඔහු ඉකුත් 02/05 දින ඉදිරිපසින් වසා තිබූ තලගොල්ල ප්‍රදේශයේ ව්‍යාපාරික නිවසට පස්වරු 01.30 ට පමණ , වහළයේ උළු ඉවත් කර ඇතුළු වී තිබේ .
එහිදී එම නිවසෙහි හිමිකාර කාන්තාව එහි මුළුතැන්ගෙයි සිට ඇති අතර මෙම පුද්ගලයා දැකීමෙන් බියට පත් කෑගැසීමට සැරසෙනවාත් සමගම ඇයගේ ගෙළ මිරිකා ඇය නිහඬ කර තියුණු පිහියකින් ගෙළ කපා මරා දමා තිබේ .
ඉන් අනතුරුව ඇයගේ සිරුරේ ඇති ඇගිලි සළකුණු ඉවත් කර සාක්ෂි වසන් කිරීම සදහා මුළුතැන්ගෙයි තිබූ රෙදි කැබළි , කඩදාසි කොළ එකතු කර , සිරුර මත අතුරා ගිනි තබා තිබේ .
මෙම සිදු වීමෙන් මිය ගොස් ඇත්තේ රාගම , තලගොල්ල ප්‍රදේශයේ පදිංචි කළුදුර අනුලා පද්මිණී නැමැති 76 හැවිරිදි කාන්තාවකි .
එදින ව්‍යාපාරික සැමියා සහ බාළපුතා සිය ව්‍යාපාරික ස්ථානය වසා 06.15 ට පමණ සිය නිවෙසට පැමිණි අවස්ථාවේ , මෙම සිදුවීම දැක , රාගම පොලිසිය වෙත පැමිණිළි කර තිබේ.
පසුව ප්‍රදේශයේ ආරක්ෂිත කැමරා දර්ශන නිරීක්ෂණය කළ පොලිසිය , 02/07 දින මොහු අත් අඩංගුවට ගෙන ඇති අතර ,
මොහු දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවෙකු වන අතර , ඔහුට එරෙහිව කුළියාපිටිය මහාධිකරණයේ සහ වැළිසර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු කටයුතු සදහා අවශ්‍ය මුදල් සොයා ගැනීම සදහා මොහු මෙම ව්‍යාපාරික නිවසට ඇතුළු වී ඇති බව , මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ .
