කොළඹ 6 හැව්ලොක් පාර නිවසකට බලහත්කාරයෙන් කඩා වැදි කෝටිපති ව්‍යාපාරික දියණියකට පහර දී මරණීය තර්ජනය සිදුකිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව ඌව පළාත් ආණ්ඩුකාර මොහොමඩ් මුසම්ම්ල් මහතාගේ පුතෙකුඅත්අඩංගුවට ගැනීම සඳහා යාල ප්‍රදේශයේ සංචාරක හෝටලයක් වැටලීමත් සමගම සැකකරු පලා ගොස් ඇතැයි වැල්ලවත්ත පොලිසිය කියයි.
සැකකරුගේ සුඛෝපභෝගී ජීප් රථය සහ ජංගම දුරකථනය පොලිස් භාරයට ගෙන ඇත. පහර කෑ එම කාන්තාව පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත්ව ඇත.
ඕස්ට්‍රේලියානු පුරවැසි භාවය හිමි 34 හැවිරිදි කාන්තාවක් සිදු කරන ලද පැමිණිල්ලක් අනුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර විදේශ ගමන් තහනමක් ද සැකකරුට එරෙහිව ලබා ගත් බව පොලිසිය කියයි.
සැකකරු කතරගම ප්‍රදේශයට ගොස් සිටින බවට ලද තොරතුරක් අනුව එහි ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් යාල ප්‍රදේශයේ සංචාරක හෝටලයක සැකකරු රැඳී සිටින බවට අනාවරණය වීමෙන් පසු එම හෝටලය වැටලූ පොලිසිය එය පරික්ෂා කළද ඔහු සොයා ගැනීමට නොහැකි වීමෙන් අනතුරුව එහි රථ ගාලේ තිබී ඔහුගේ සුඛෝභෝගී ජීප් රථය හා ඒ තුළ තිබී ජංගම දුරකථනය පොලිස් බාරයට ගැනීමට කටයුතු කර ඇත
මෙම පහරදීමට හේතුව නිශ්චිත ලෙස අනාවරණය වී නැති අතර සැකකරු සහ එම කාන්තාව අතර පවතින යම් සබඳතාවයක් බිඳී යාම හේතුවෙන් අමනාප මෙම සිද්ධිය වන්නට ඇති බව පොලිසිය සැක කරයි.
වැල්ලවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභාෂ් කහදවල මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රංගන ද සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි