ක්‍රීඩා දක්ෂතා සහිත ජාතික හා ජාත්‍යන්තර තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ආරම්භ කරන ලද ක්‍රීඩා පාසල් 22 ක් පසුගිය පස් වසර තුළ ක්‍රියාත්මක වී නැතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
මේ හේතුවෙන් මෙම පාසල්වලට ඇතුළත්ව සිටි ක්‍රීඩා ශිෂ්‍යත්වලාභී සිසුන් 293 ක් එම පාසල්වලින් ඉවත්වී ගොස් ඇතැයිද ,එම ක්‍රීඩා පාසල්වල තිබූ ක්‍රීඩා උපකරණ ප්‍රයෝජනයට නොගැනීමෙන් ඌන උපයෝජිතව පවතින බවද විගණන කාර්යාලය පෙන්වා දෙයි.
1989 දී ක්‍රීඩා පාසල් ආරම්භ කිරීමේදී අපේක්ෂිත අරමුණු ඉටුවෙන ලෙස ඒවායේ කටයුතු ක්‍රියාත්මක වී නැත.
මේ හේතුවෙන් එම පාසල්වල නේවාසිකාගාර ,ක්‍රීඩා උපකරණ ,කායවර්ධන උපකරණ ආදිය ඌන උපයෝජිතව පවතී.
කළමනාකරණ දුර්වලතා,නිසි පුහුණුවක් නොලැබීම හා ක්‍රීඩා පාසල් ක්‍රියාත්මක නොවීම ඒවාට ඇතුළත්ව සිටි ක්‍රීඩා ශිෂ්‍යත්වධාරීන් අස්වී යාමට බලපා ඇත.
එමෙන්ම මෙම ක්‍රීඩා පාසල් ක්‍රමයට අයත් පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේදී ක්‍රීඩා ශිෂ්‍යත්වලාභීන්ට වෙන්කළ පුරප්පාඩු ද ඒ සඳහා භාවිතා කිරීමෙන් ක්‍රීඩා ශිෂ්‍යත්වලාභී සුදුසුකම් සහිත සිසුන්ට ඉඩ ඇහිරී ඇත ,යනුවෙන් ජාතික විගණන කාර්යාලය මගින් සකස් කළ නවතම විගණන වාර්තාව වන 2022 විගණකාධිපති වාර්ෂික වාර්තාවේ අධ්‍යාපන අමාත්‍යාංශය සම්බන්ධයෙන් දක්වා ඇති විගණන නිරීක්ෂණවල සඳහන් වේ.
ජේ. ඉඳුරුවගේ