කළුතර පොලිස් වසම් දෙකක ඊයේ 09දා, ස්ථාන දෙකක පාවෙමින් තිබූ කාන්තා මළසිරුරු දෙකක් හමුවූ බව කළුතර උසස් පොලිස් නිළධාරීයෙක් පැවසීය .
ගල්පාත වතුර වලක සහ කළුතර නාවික හමුදා කදවුර ඉදිරිපිට මුහුදේ පාවෙමින් තිබියදී මළ සිරුරු සොයාගෙන ඇතැයි පොලිසිය සදහන් කරයි.
නාවික හමුදා කදවුර ඉදිරිපිට මුහුදේ පාවෙමින් තිබූ මළසිරුර මෙතෙක් හඳුනාගෙන නොමැති බවත්, ගල්පාත ප්රදේශයේ හමුව ඇති මළ සිරුර මානසික වැඩිහිටි නිවාසයේ රැදී සිටි කාන්තාවකගේ බවට හඳුනාගෙන ඇති බවත් සදහන් වේ.
මෘත දේහ දෙකම පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා කළුතර ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් තිබේ.
කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ සහ තෙබුවන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර් රාජරත්නම් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි වැඩිදුර පරීක්ෂණ පවත්වති.
සුමිත් පොතුපිටිය