කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ නිවසකට කඩා වැදි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු මීගොඩ ගොඩගම නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
එම සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව වෙඩි තැබීමට භාවිතා කරන ලද ටි 56 වර්ගයේ ගිනි අවියක් සහ එම සජීවී පතොරම් 15 ක් කළුතර පළාතොට සූසාන භූමියක සංවා තිබීයදි සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් එම සැකකරු විදේශ රටක සිට මෙරට සංවිධානාත්මක අපරාධ මෙහෙයුණු ලබන අපරාධකරුගේ සමීපතමයකු බවට අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
ඉකුත් මැයි මස 20 වෙනිදින රාත්රියේදී කළුතර දකුණ කටුකුරුන්ද දුම්රිය පොල පාරේ නිවසක සිය දරු තිදෙනා සමග රාත්‍රී ආහාර ගනිමින් සිටි අසුරුමුණි තස්මින් මදුවන්ත සිල්වා නොහොත් කලමුල්ලේ ටශි (38) යන අයට ටී56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර තිබිණි.
එම සිද්ධියෙන් අනතුරුව සැකකරු ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ සමීප ඥාතී ව්‍යාපාරිකයන්ට මරණීය තර්ජනය කරමින් කප්පම් ඉල්ලීමේ සිද්ධීන් කීපයක් සම්බන්ධයෙන් පයාගල පොලිසිය වෙත එම ඥාතීන් විසින් පැමිණිලි කර තිබිණි.
ඝාතන සිද්ධියේ යතුරුපැදිය පැදවූ පුද්ගලයා සහ ආධාර අනුබල දුන් පුද්ගලයකු ඉකුත් 13 වෙනි දින අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කල අතර එම සැකකරුවන්ගෙන් අනාවරණ වූ තොරතුරු අනුව ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙකු පැවසීය.
සැකකරු 41 හැවිරිදි අවිස්සාවේල්ල පදිංචිකරුවෙකි. බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරි ජනක කුමාර ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහ පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර මහත්වරුන්ගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක දිනුක වීරසිංහ පරීක්ෂණ පවත්වයි.