තමන්ට වස දී තමාව ඝතනය කිරිමේ උත්සාහයක් පැවතුණ බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවැසිය. අම්පාරේ පැවැති මැයි දින රැළියක් අමතමින් ඔහු මේ බව පැවැසීය.
"මම ජපානයට ගිහින් ගුවන් යානයෙන් බහින කොට මගේ බහිශ්‍රාවිය පද්ධතිය ක්‍රමයෙන් ක්‍රමයෙන් අක්‍රීය වෙන්න පටන් අරගෙන. මම මාස එක හමාරක් නිශ්ශබ්දයි. සමහර දේශපාලන නායකයෝ අහනවලු රොෂාන් රණසිංහ ඔත්පොල වෙලාලු නේද කියලා.
හොරාට කලින් කෙහෙල් කැන වැට පැනලා. ජපානයේදි ගත්ත පරික්ෂණ වලින් නිගමය වෙලා තිබුණේ මට දුන්න ආහාර වල රසායන ද්‍රව්‍යයක් තිබිලා ආහාර විෂවිමෙන් තමයි බහිශ්‍රාවිය පද්ධතිය අකර්මණය වුණේ කියලා.
මට තවත් දින 25ක් සම්පූර්ණයෙන්ම විවේක ගන්න කියලා තියෙන වෙලාවක්. කවුරු හෝ වස දැම්මා. සමහරු බලන්නේ මිනිස්සු මරලා හෝ බලයේ ඉන්න."