කළුබෝවිල ප්‍රදේශයේ අද (16) අලුයම සිදු කළ වැටලීම් දෙකකින් රුපියල් කෝටි 3 කට ආසන්න වටිනා හොරයින් මත්කුඩු තොගයක් සහ කෙරල ගංජා තොගයක් සමඟ කාන්තාවක් ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
සැකකරුවන් සමග හොරයින් මත්කුඩු කිලෝ 1 ගෑම් 594 ක් හා කේරල ගංජා කිලෝ 4 ක් පොලිසිය බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය සංවිධානාත්මක අපරාධ කරුවෙකු සහ පාතාල සාමාජිකයකු වන ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙරට මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධවල නියැලෙන කළුබෝවිල අවිශ්ක නැමැත්තාගේ මව බව පොලිසිය කියයි.
ගල්කිස්ස කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණ මහතාට ලද තොරතුරකට අනුව ගල්කිස්ස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ එම් එන් අලහකෝන් ,සහ පොලිස් පරීක්ෂක කවිසංක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් කළුබෝවිල සහ කළුබෝවිල පාසල් මාවතේ ස්ථාන දෙකකදී සිදු කළ වැටලීම් දෙකකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
කළුබෝවිල පාසල් මාවතේ දෙමහල් නිවස වැටලීමේදී එහි සිට පිටතට හොරයින් මත්කුඩු පාර්සලය රැගෙන එමින් සිටි සැකකාරිය එය තවත් පුද්ගලයකුට ලබාදීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගත් බවත් අනෙක් සැකකරු කළුබෝවිල ප්‍රදේශයේදී කේරල ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගත් බවක් වැටලීම සිදුකළ පොලිස් නිලධාරියකුු පැවසීය.
සැකකාරිය 54 හැවිරිදි තැනැත්තියක් බවත් සෙසු සැකකරුවන් වයස අවුරුදු 26/30 අතර පසුවන්නන් බව පොලිසිය කියයි