කළාවැවේ පිට වාන අභියස ඇති කළු ගල කැනීම් සිදු කර එහි තිබූ නිධානයක් කිසියම් පිරිසක් විසින් ලබා ගෙන ඇති බවට යන සිද්ධියේ ඇත්ත නැත්ත සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කළාවැව යටතේ වගා කටයු සිදු කරන මහවැලි එච් කළාපයේ ගොවි සංවිධාන නියෝජිතයින් පිරිසක් අද(24) අදාළ ස්ථානය නිරීක්ෂණය කර ඊට සම්බන්ධ පිරිසට දඩුවම් කරන ලෙස ඉල්ලා කළාවැව් බැම්ම මත පිහිටි කඩවර දේවාලයේදී පොල් ගසා දේව කන්නලව්වක්ද සිදු කරනු ලැබීය.
ක්‍රිස්තු වර්ෂ පස්වන ශතවර්ශයේ රජකම් කළ ධාතුසේන රජ විසින් කළාවැව ඉදි කරන බව ඉතාහසයේ සඳහන් වේ, කළාවැවේ ඉදිකිරීම් වලින් අනතුරුව රජු විසින් ඊට ආසන්නයේම බළලු වැව නමින් තවත් වැවක්ද ඉදි කර එම වැව් දෙක එක් කිරීමෙන් ශ්‍රී ලංකාවේ විශාලතම වැව ඉදි කර ඇත. කළාවැව උතුරු මැද පළාතේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇති පුරාණම ජලාශයකි.සිගිරිය තම රාජධානිය කර ගත් කාශ්‍යප රජු තම පියා වන ධාතුසේන රජතුමන්ගෙන් වස්තුව ඉල්ලා සිටි අවස්ථාවකදී, කළාවැව තමාගේ එකම වස්තුව බව ධාතුසේන රජු පැවසූ විට, ධාතුසේන රජු කළාවැව් බැම්මට තබා පස් ගසා ඝාතනය කළ බව ඉතිහාසයේ සඳහන් වේ.
කළාවැව අක්කර අඩි ලක්ෂක ජල ධාරිතාවයක් රඳවා තබා ගත හැකි ජලාශයකි.කළාවැවේ සිට තිසා වැව දක්වා සැතපුම් 54 (කිලෝමීටර 86.9) ක් ජලය රැගෙන යන යෝධ ඇළ, ජය ගඟ ආරම්භ වන්නේද කළාවැවෙනි.කළාවැවට ආස්නනයේ අවුකන බුද්ධ ප්‍රථිමාව, විජිතපුර රාජමහා විහාරය ඇතුළු පුරාණ වෙහර විහාරස්ථානයන්ද පිහිටා ඇත.
එවැනි වටිනාකමක් සහිත වසර ගණනක් පැරණ කළාවැවෙහි පිටවානේ බැම්ම ආසන්නයේ කැනීම් සිදු කර ඇති අයුරු නිරීක්ෂණය සඳහා කළාවැව යටතේ පෝෂණය වන මහවැලි එච් කළාපය ගොවි නායකයින් පිරිසක් අද (24) නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.
එහිදී ගොවි නායකයින් විසින් වාන් බැම්මට අඩි කීපයක් මෙපිටින් කළුගල කැනීම් කර අඩි 02 කට ආසන්න ගැඹුරකින් හාරා ඇති වල නිරීක්ෂණය කරනු ලැබීය.එහිදීද ගොවීන් මහත් කණගාටුවෙන් එම සිදු කර ඇති හානිය සම්බන්ධයෙන් අදහස් දැක්වීය.එම ස්ථානයේ කැනීම් කීපයක් සිදු කර තිබූ අතර, එක් ස්ථානයක් අඩි 02 ක් පමණ ගැඹුරට කිසියම් යන්ත්‍රයක් උපයෝගී කර ගෙන කැනීම් සිදු කර ඇති බව දැක ගත හැකි විය.
අනතුරුව එම පිරිස කළාවැව කඩවර දේවාලය වෙත ගොස් පොල් ගසා මෙම නිධන් කොල්ලය සිදු කළ පිරිසට දඩුවම් දෙන ලෙස දේව කන්නලව්වක්ද සිදු කළහ.
මෙම ගොවි නායකයින් අදාළ ස්ථානයෙන් පැමිණි පසු අපරාධ ස්ථාන පරීක්ෂක (SOCO) නිළධාරීන් පිරිසක් පැමිණ ස්ථානීය පරීක්ෂණ සිදු කළහ.
කරන්න එකතු වෙන්න කියලා අපි සියලු ගොවියන්ගෙන් ඉල්ලා සිටිනවා.මේ කටයුත්ත කරපු වෙලාවේ මහවැලි සංචාරක බංගලාවේ ලොකු උත්සවයක් තියලා ශබ්ද තියලා තියෙනවා.ඒ නිසා ඒ උත්සවයත් මේ නිධන් ගැනීමත් අතර සම්බන්ධයක් තියෙන්න පුලුවන්
ඒ වගේම අපි කඩවර දේවාලයට ගිහින් පොල් ගහලා ඉල්ලන්නේ මේ හොරුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න . දෙවියන්ට අපි කියන්නේ මේ කරපු පාහර, තුප්පහි වැඩේට, මේ ජාතික උරුමය විනාශ කරන්න කටයුතු කරපු අයට දඩුවම් කරන්න කියලා යැයි පැවසීය. (I.J)
තිසර සමල්