මහරගම පන්නිපිටිය ප්‍රදේශයේදී කලහකාරි ලෙස හැසිරි මහරගම පොලිසියේ නිලධාරීන්ගේ රාජකාරියට ද බාධා කළ හිනිදුම පොලිස් සැරයන් වරයා ගේ රාජකාරී වැඩ තහනම් කළ බව පොලිස් මූලස්ථානය කියයි.
මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ පුද්ගලයකු බීමත්ව කලාකාරී ලෙස හැසිරෙන බවට 119 පොලිස් හදිසි ඇමතුම් මධ්‍යස්ථානයෙන් ලද පණිවිඩයක් අනුව මහරගම පොලිස් ස්ථානයේ රාත්‍රී ජංගම සංචාරයේ යෙදී සිටි කණ්ඩායමක් එම ස්ථානයට ගොස් සැකකරු අත්අඩංගුවට ගැනීමට ගැනීමට කටයුතු කර තිබූ අතර එම අවස්ථාවේදී සැකකරු පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර ආවේගශීලීව හැසිරී තිබූ බව පොලිසිය කියයි.
පසුව සැකකරු පොලිසියට රැගෙන ඒමෙන් අනතුරුව අනතුරුව සිදු කළ විමර්ශනවලදී ඔහු හිනිදුම පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන් වරයෙකු බවට අනාවරණය වී ඇති අතර ඉකුත් 20 වෙනිදින සැරයන්වරයා රජයේ රස පරීක්ෂක කාර්යාල වෙත භාණ්ඩ භාරදීමට සහ දුරකථන ඇමතුම් විස්තර ලබා ගැනීමේ රාජකාරී කටයුතු සඳහා ස්ථානයෙන් පිටව ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.
සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 3 වෙනිදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
සැකකරුගේ එම විෂමාචාර ක්‍රියාව හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික් එක ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් වැඩ තහනමට ලක්කර ඇත.