කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් දෙදනෙකු (02) 2020 ජුනි මස 18 වන දින එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි.
ඒ අනුව, මේ වන විට පුද්ගලයින් 46 ක් නිරෝධායනය අවසන් කර කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් ඇති අතර, තවදුරටත් එම මධ්‍යස්ථානයෙහි පුද්ගලයින් 16 ක පිරිසක් නිරෝධායනය වෙමින් සිටියි.