කලවාන ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක සිසුන් පස් දෙනෙකු අපයෝජනයට ලක්කල ප්‍රදේශයේ විහාරස්ථානයක චීවරධාරියකු අත්අඩංගුවට ගත් බව කලවාන පොලිසිය පැවසීය .
අපයෝජනයට ලක් වූ දරුවන් විසින් පාසලේ ගුරුවරුන් හා දෙමාපියන් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමෙන් අනතුරුව කලවාන පොලිසියට කල පැමිණිල්ලක් අනුව එම චීවරධාරියා අත්අඩංගුවට ගත් බව කලවාන පොලිසිය පැවසීය .
මෙම විහාරස්ථානය එම පාසල අසලම පිහිටා ඇති අතර පාසලේ නමය වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන් පස් දෙනෙකු මෙලෙස අපයෝජනයට ලක්ව ඇති බවට පැමිණිලි ලැබී ඇති බව පොලිසිය පැවසීය . දරුවන් වෛද්‍ය පරීක්ෂණ සඳහා කලවාන මූලික රෝහල වෙත ඇතුලත් කර ඇති බවද කලවාන පොලිසිය පැවසීය .
සිද්ධිය සම්බන්ධයෙන් කලවාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.