තලතා අතුකෝරල මහත්මිය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්රී ධුරය සඳහා කරුණාරත්න පරණවිතාව මහතාව පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව ඊයේ(28දා) ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
තලතා අතුකෝරල මහත්මිය පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් කරමින් මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්විය.
අනතුරුව පසුගිය 23 වැනිදා පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ලිපියක් යොමු කරමින් පාර්ලිමේන්තුවේ මන්ත්රී ධුරයක පුරප්පාඩුවක් තිබෙන බවට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට දැනුම්දීමක් සිදු කළාය.
ඒ අනුව 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(2) වන වගන්තියෙන් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැවරී ඇති බලතල ක්රියාත්මක කරමින් පුරප්පාඩු වූ මන්ත්රී ධුරය සඳහා කරුණාරත්න පරණවිතාන මහතා මෙලෙස තොරා පත් කිරීමට කටයුතු කර ඇත.