හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් පසුගියදා කළ ආනෝදාලනාත්මක ප්‍රකාශය ගැන ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දන්වා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ කරුණා අම්මාන් නීතියට ගරු කරමින් ප්‍රකාශය සටහන් කර ගැනිමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ඇති බවයි.
කෙසේ වෙතත් අද දියේ පස්වරු 4.00 වන විටත් ඔහු අපරාධ පරික්ෂණ දොපර්තමේන්තුවට ඉදිරිපත්ව නොසිටි බවද ඔහු සඳහන් කළේය.