මෙරට තෙවැනි ජාතික රෝහල ලෙස එළඹෙන ජූලි මසදී ගාල්ල කරාපිටිය රෝහල නම් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේය.
ඔහු සඳහන් කර සිටියේ ඊට අදාළ පියවර මේ වන විට ගෙන ඇති බවයි.
එසේම වසර 20කට පසු කොළඹ මහ රෝහල සහ ඇස් වාට්ටු සංකීර්ණය මෙම වසර අවසන් වනවිට සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු යොදා ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
මේ අතර පවතින ඖෂධ තොග සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ අත්‍යාවශ්‍ය ඖෂධ 850 අතුරින් ඖෂධ කිහිපයක් හැරුණු විට, සියලු ජිවිතාරක්ෂක ඖෂධ තොග හිඟයකින් තොරව පවත්වාගෙන යන බවයි.