කොල්ලුපිටිය 25 වන පටුමගේ පැරණි ගොඩනැගිල්ලක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි කොල්ලූපිටිය පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ නමුනුකුල ආරාවත්ත පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් 24 හැවිරිදි කොන්ත්රාත්කරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මරණකරු විසින් ඉහත ලිපිනයේ පිහිටි පැරණි ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමේ කටයුතු සිදු කරමින් සිටියදී. මෙම අනතුරට ලක්ව ඇති බව සඳහන් කරන පොලිසිය කොන්ත්රාත්කරු විසින් සේවය කරන ලද සේවකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු ක්රියාමාර්ගයක් අනුගමනය කර නොමැති බවට නිරීක්ෂණය වී ඇතැයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
කොන්ත්රාත්කරුගේ නොසැලකිල්ල මත මෙම මරණය සිදුවී ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති අතර ඒ අනුව කොන්ත්රාත්කරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් කොන්ත්රාත්කරු නුගේගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක එච් එල් දුෂ්මන්ත මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ.