කන්දකාඩු පුනුරුත්තාපන මධ්‍යස්ථානයේ පුනුරුත්තාපනය වන පිරිස් හා වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකුට කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වීමත් සමග ඔවුන් සමග සබඳතා පැවැත්වූ වූ අම්බලන්තොට ප්‍රදේශයේ පවුල් 03 ක සාමාජිකයන් 15 ක් හා අගුණකොලපලැස්ස බන්ධනාගාරයේ නිලධාරීන් හා රැදවියන් 22 ක් නිරෝධායනයට ලක් කළ බව අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී යු.පි. මාලක මහතා කියා සිටි.
මෙලෙස නිරෝධායනයට ලක්කෙරුනේ කන්දකාඩු පුනුරුත්තාපන මධ්‍යස්ථානයේ පුනුරුත්තාපනය වන පුද්ගලයින් බැලීමට ගිය ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් බව අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසයි.
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකුට කොරෝනා රෝගය ආසාදිත බව තහවුරු වීමත් සමග වැලිකඩ බන්ධනාගාරයේ සිට අගුනුකොලපලැස්ස බන්ධනාගාරයට මාරුකෙරුණු රැදවියන් හා නිලධාරීන් 22 ක් ද නිරෝධායනයට ලක්කෙරිණි.