කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැඳවා සිටි රැඳවියෙකුට කොවිඩ් ආසාදනය වූයේ එම මධ්‍යස්ථානයට රැගෙන ආ කොවිඩ් 19 ආසාදනය වී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිට කොවිඩ් ආසාදනය වී සුවවීමෙන් අනතුරුව එම මධ්‍යස්ථානයට යොමුකළ අයගෙන්ද යන්න පරීක්ෂණ කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණ සිදුකරමින් තිබෙන බවද ඔහු පැවැසීය.සුව වූ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් එම මධ්‍යස්ථානයට යොමුකළේ පී.සී.ආර්. පරීක්ෂණවලින් පසුව බවද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.