කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයට සම්බන්ධ කොවිඩ් ආසාදන පොකුරේ ආසාදිතයන් 145ක් තවමත් ප්‍රතිකාර ලබමින් පසුවන බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය සඳහන් කරයි.
කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයට සම්බන්ධ පොකුරේ ආසාදිතයන් 629ක් වාර්තා වූ අතර ඒ අතරින් පුද්ගයන් 484ක් සුවය ලබා තිබේ.