මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය කිරීමේ කන්දකාඩු මධ්‍යස්ථානයේ රැඳවියන් හා කාර්ය මණ්ඩලය බඳුන් කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ 338ක ප්‍රතිඵල මේ වන විට ලැබී තිබේ.
ඒ අනුව තවත් ආසාදිතයන් 196ක් හඳුනාගෙන ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේනතුව සඳහන් කරයි. ඒ අනුව එම මධ්‍යස්ථානය තුළින් මේ වන විට වාර්තා වී ඇති ආසාදිතයන්ගේ සංඛ්‍යාව 252කි. ඒ ඊයේ දිනයේදී හඳුනාගත් ආසාදිතයන් 56 දෙනාද සමගිනි.
මීට අමතරව එම මධ්‍යස්ථානයේ උපදේශිකාවක ලෙස කටයුතු කර නිවාඩු ලබා සිටින මාරවිල කාන්තාව
එම මධ්‍යස්ථානයේ තවදුරටත් පරීක්ෂණ සිදුකරන අතර එහි තවදුරටත ආසාදිතයන් වාර්තා වීමේ ප්‍රවණතාවක් ඇති බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිිංහ මහතා පවසයි.
එසේම පසුගිය කාලය තුළ මෙහිදී පුනරුත්තාපනය වි පිටව ගිය අය හා ඔවුන්ගේ ආශ්‍රිතයන්ද පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කරමින් එම මධ්‍යස්ථානයෙන් සමාජය තුළට කොවිඩ් පැතිර යෑම වැළැක්වීම සඳහා සියලු පියවර ගනිමින් පවතින බවද අධ්යක්ෂ ජනරාල්වරයා පැවැසීය.